Tuesday, July 3, 2012

වාහන ලියාපදිංචිය අඩුවන ලකුණු

 



2012 ජූලි 03 අඟහරුවාදා- පස්වරු 12:54


2012 වසරේ නව වාහන ලියාපදිංචි කිරීම 40% කින් පමණ අඩු විය හැකි බව ශ‍්‍රී ලංකා මෝටර් රථ වෙළෙඳුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති තිලක් ගුණසේකර ප‍්‍රකාශ කළේ වාහන ආනයන බදු ඉහළ ගොස් තිබීම සහ කල් බදු වාරික ප‍්‍රතිශතයන් ඉහළ නංවා තිබීම මීට හේතුව බවයි. 2011 වසරේ මෙරටට වාහන ආනයනය කළ ප‍්‍රමාණය සියයට 46කින් ඉහළ ගියා. එමෙන්ම පසුගිය වසරේ මේ දක්වා කාලය තුළ  ආනයනය කළ වාහන 29,883ක් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි කර තිබෙනවා. එහෙත් මෙම වසරේ මේ දක්වා කාලය තුළ ලියාපදිංචි කර ඇති වාහන සංඛ්‍යාව 21,884ක්. එය ප‍්‍රතිශතයක් ලෙස ගත් කළ සියයට 26ක අඩුවීමක් බව මෝටර් රථ වෙළෙදුන්ගේ සංගමය සඳහන් කළා.

Saturday, May 12, 2012

දුමින්ද සිල්වාගේ කාමර ගාස්තුව පමණක් මිලියන 18-39ත් අතර


කොලොන්නාව වෙඩි තැබීමෙන් හා වෙඩි වැදීමෙන් අසාධ්‍යව සිංගප්පූරුවේ "ද මවුන්ට් එලිසබෙත්" රෝහලේ තවමත් ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මංත්‍රී දුමින්ද සිල්වාගේ රෝහල් කාමර ගාස්තුව පමණක් රු. මිලියන 18ට වැඩි බව වාර්තා වෙනවා. 

දුමින්ද සිල්වා එම රෝහලට ඇතුලත් කර දින 190ක් ගතවී ඇති අතර එම රෝහලේ අවම කාමර මිල ගනන් හා සැසඳීමේදී රු. මිලියන 18ක මුදලක් හා උපරිම මිල ගනන් සහිත කාමර සැලකීමේදී මිලියන 39ක මුදලක් වියදම් කර තිබෙනවා.

වෛද්‍ය ගාස්තු, බෙහෙත් සඳහා ගිය වියදම් හා අනෙකුත් රෝහල් ගාස්තු සඳහා වියදම මෙම මිලියන 18 ත් 39ත් අතර වියදම් වී ඇති මුදලට අයත් වන්නේ නැහැ.



Friday, April 13, 2012

පියුමි පුරසිංහගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය (ජයාරූප එකතුව)


ජනප්‍රිය යොවුන් නිලි පියුමි පුරසිංහගේ විවාහ ගිවිස ගැනීම පසුගිය මාර්තු 24 වනදා කොළඹ ගලධාරි හෝටලයේ පැවැත්වුණා.මාස අටක සම්බන්ධතාවයකින් පසු පියුමි මෙසේ විවාහ ගිවිසගත්තේ ව්‍යාපාරිකයෙක් වන රෙමි රාජ්ලාල් සමගයි.

ලබන වසරේ මාර්තු 24 වනදා එම දෙපලගේ විව්වාහය පැවැත්වීමට නියමිතයි.

පියුමි - රෙමි විවාහ ගිවිසගැනීමේ ජායාරුප එකතුවක් පහතින් බලන්න 


                                      ජයාරූප - නදුන් බදුගේ

පියුමි - රෙමි පෞද්ගලික ජයාරූප එකතුවක් පහතින් බලන්න 

අහාර ද්‍රව්‍ය වල මිල ඉහල යන ලකුණු


අලුත් අවුරුදු සමය නිමා වීමෙන් අනතුරුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු සියලුම පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් විශාල වශයෙන් ඉහල යාමට නියමිත බව වෙළඳපොල ආරංචි මාර්ග අනාවරණය කරයි.  

අවුරුදු සමය ඇතුලත පාරිභෝගික ජනතාව මහත් අසීරුතාවයකට පත්වන බැවින් මිල ගණන් වැඩි නොවුන නමුත් අවුරුදු සමය නිමා වීමෙන් අනතුරුව කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සීනි, ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් ඉදිරි දින කිහිපය ඇතුලත ඉහල යාමට නියමිත බව වාර්තා වේ. 

ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය විශාල වශයෙන් පහල බැසීමත්, ආනයනික භාණ්ඩ මත බදු පනවා තිබීම මෙයට හේතු වේ.

එසේම ලංකා ඉන්දියානු ඔයිල් සමාගමද ඉන්ධන මිල යළිත් රුපියල් 15 කින් වැඩිකිරීමට අවසර දෙන ලෙස ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව ඉන්ධන මිල වැඩිවුව හොත් ඊට සාපේක්ෂව යලිත් වතාවක් සියලුම වෙළද භාණ්ඩ හා සේවාවන් වල මිල ඉහල යනු ඇති.

ඉන්දීය න්‍යෂ්ටික බලාගාරවලින් ලංකාවට බලපෑම් සිදුවේද?


අසල්වැසි ඉන්දියාව මේ වන විට න්‍යෂ්ටික බලය කෙරෙහි වැඩි වැඩියෙන් නැඹුරු වෙමින් පවතිනවා. ඉන්දීය නාවික හමුදාව පසුගියදා න්‍යෂ්ටික බලය සහිත සබ්මැරීනයක්ද සිය බල ඇණියට එකතුකරා. 

මේ අතර ඉන්දියාවේ විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ පිහිටා ඇති න්‍යෂ්ටික විදුලි බලාගාර සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රී ලංකාවේ අවධානයද ක්‍රමයෙන් යොමුවෙමින් පවතිනවා. තමිල්නාඩුවේ "කුඩන්කුලම්" නමැති න්‍යෂ්ඨික බලාගාරය ලංකාවට කිලෝමීටර 250ක් පමණ දුරින් පිහිටා තිබෙන අතර මෙමගින් ලංකාවද යමිකිසි අයහපත් ප්‍රතිපල වලට මුහුණ දීමට සිදුවනු ඇතයි කියා සමහරුන් බිය පළකරනවා.

මෙම "කුඩන්කුලම්" නමැති න්‍යෂ්ටික බලාගාරය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දැක්වූ ශ්‍රී ලංකා පරමාණුක ශක්ති අධිකාරියේ සභාපතිවරයා කියා සිටින්නේ "මේ බලාගාරය සම්බන්ධයෙන් ඉන්දීය රජය හා ලංකා රජය අතර කිසිදු නිශ්චිත ගිවිසුමක් අත්සන් කර නොමැති බවයි." ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ "මිට අවුරුදු දෙකකට කලින් මේ ගිවිසුම ඩ්‍රාෆ් කරලා, විදේශ අමාත්‍යාංශය හරා ඉන්දියානු රජයට යැව්වත් මේ ගැන ඉන්දියානු රජයෙන් කිසිදු දැනුම්දීමක් දී නොමැති බවයි."
 
 
කෙසේවෙතත් යම්කිසි රටක න්‍යෂ්ටික බලාගාරයක් ඉදිරිකරනවා නම් හා එම බලාගාරයෙන් අවට රටවල් වලට යම්කිසි බලපෑමක් ඇතිවිය හැකිනම් එම රටවල් අතර යම්කිසි ගිවිසුමක් අත්සන් කොට තිබීම වැදගත් වෙනවා. මන්ද ජපානයේ ඇතිවූ භූමිකම්පාව හා සුනාමිය නිසා ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් බාහිර පරිසරයට විකිරිණ නිකුත් වීමේ අවධානමක් ඇතිවූ අතර එම නිසා ඒ අවට සැතපුම් ගණනාවක ජනතාව ඉවත් කිරීමට ජපාන බලධාරීන්ට සිදුවුවා. ජපානය වැනි ලොව සුපිරිතම තාක්ෂනය භාවිතා කරන රටකටත් සුනාමිය නිසා පසු බාන්නට සිදුවුවා නම් අනෙකුත් රටවලද මේ ගැන අවධානය යොමුකර යුතුවෙනවා.

මේ අතර පසුගියදා සිදුවූ භූමිකම්පාව මෙන්ම ශ්‍රි ලංකාවට ඈත දකුණු මුහුද ආශ්‍රිතව භූචලන කලාප හඳුනාගැනීම හේතුවෙන් ඇතැම් භූ විද්‍යාඥයින් එම ප්‍රදේශය ආශ්‍රිතව නව භූතලයක් නිර්මාණය වෙමින් ඇතැයි විශ්වාස කරන බව භූවිද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල දහනායක පවසනවා. 

මේ පිලිබදව නිවුස්ෆස්ට් වීඩියෝව පහතින් බලන්න.



ඒ අනුව යම්කසි හෙයකින් ඉදිරියේදී ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදේ භූමිකම්පා හෝ සුනාමි තත්වයන් සිදුවී ඒවායින් යම්කිසි බලපෑමක් "කුඩන්කුලම්" න්‍යෂ්ටික බලාගාරය වැනි ලංකාවට ඉතාම ආසන්නයේ ඇති ඉන්දියානු බලාගාරවලට සිදුවී ඒවායින් විකිරිණ නිකුත් වීමක් සිදුවුවහොත් එය අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවට බලපානවා. 

එසේම අපේ‍්‍රල් 11 වැනිදා සුමාත‍්‍රා දූපතට ආසන්නයේ හටගත් භූමිකම්පාවෙන් පසුව නිකුත් කරනු ලැබූ සුනාමි අනතුරු ඇඟවීම්වලට සමාගාමීව ගතයුතුව තිබූ ආරක්‍ෂක පියවර නොසලකා හැරි බවට ඉන්දීය න්‍යෂ්ටික විදුලි බලාගාර පාලකයින්ට චෝදනාද එල්ල වී තිබෙනවා. මේ පිලිබදව චෝදනා එල්ල කරන "න්‍යෂ්ටික බලශක්තියට එරෙහි ජනතා ව්‍යාපාරය" නමැති ඉන්දීය සංවිධානය තව දුරටත් කියා සිටින්නේ මන්නාරම් බොක්කේ පිහිටා ඇති කල්පාක්කම් න්‍යෂ්ටික විදුලි බලාගාරය විවෘත කිරීමට පෙර සුනාමි, ගිනිකඳු, ජලසම්පත් වැනි කරුණු සම්බන්ධයෙන් සිදුකල යුතුව තිබූ අධ්‍යයනයන් සිදු කොට නොමැති බවයි. 


මේ සියළු කරනා එකපෙලට තැබුවිට පැහැදිලි වන්නේ අනාගත ශ්‍රී ලංකාවට එල්ල වන ලොකුම න්‍යෂ්ටික අනතුර එල්ලවීය හැක්කේ ඉන්දියාවෙන් බවයි.

Tuesday, February 28, 2012

සොෆ්ට් වෙයාර් නැතිව පාස් වර්ඩ් දාල ඩ්‍රයිවර්ස් ලොක් කරමුද?



ඉතින් කොහොමද යාලුවනේ? සේරම හොදින් නේද? මම මේ ලියන්නේ මගේ හතර වෙනි බ්ලොග් ඒක. කලින් සැරේ වගේ මේකත් බලල හොද නරක කියන්නකෝ හොදේ.
අපේ පරිගණකයේ තියෙන තියෙන ඩ්‍රයිවර්ස් වල අපිට වටිනා ගොඩක් තොරතුරු දල තියෙන්න පුලුවනිනේ . එහෙම දාල තියෙන ඒවා වෙන කෙනෙක් ඇවිත් මකල දැම්මොත්, එහෙම නැත්නම් ඒවා හොරෙන් අරන් ගියොත් එකේ පාඩුව අපිටමනෙ. ඒක නිසා අපි අපේ පරිගනකේ  ආරක්ෂාව ගැන ගොඩක් උනන්දු වෙන්න ඕනි නේද? විශේෂයෙන්ම අපේ කාර්යාලයේ තියෙන පරිගණකය ගැන නම් ගොඩක් කල්පනා කාරී වෙන්න ඕනි. මොකද ඒක ගොඩ දෙනෙක් පාවිච්චි කරන නිසා. එහෙම නේද යාලුවනේ.
දැන් ඉතින් එකට බය වෙන්න දෙයක් නැ. මම මේ කියන්න යන විදියට කලාම ඔයාලගේ වටිනා තොරතුරු තියෙන ඩ්‍රයිවර්ස් ( C, D, E, F ) , යු එස් බී ඩ්‍රයිවර්ස් ලේසියෙන්ම පාස් වර්ඩ් එකක් දාලා ලොක් කරලා තමන්ගේ වටිනා තොරතුරු ආරක්ෂා කර ගන්න පුළුවනි.
හරි වැඩි කතා ඕනි නැ. අපි කෙලින්ම වැඩේට බහිමුකො. සේරටම කලින් කියන්න ඕනි මේ පහසුකම භාවිත කරන්න පුළුවන් windows 7 දාගෙන ඉන්න යාළුවන්ට විතරයි. අපේ යාලුවෝ ගොඩ දෙනෙක් 7 පාවිච්චි කරන නිසා මේක වැදගත් වේවි.

එහෙනම් අපි වැඩේ පටන් ගමු.

ඉස්සෙල්ලාම Control Panel එකට යන්න. එතන තියෙනවා Bit Locker Drive Encryption කියල තැනක්.


හරිනේ යාලුවනේ. දැන් ඒක ක්ලික් කරන්න. එතකොට මෙහෙම තමයි දකින්න පුළුවන්.

මෙතන පෙන්නන්නේ ඔයාලගේ තියෙන ඩ්‍රයිවර්ස් ටික. එතනින් ඔයාලට පාස් වර්ඩ් දාල තියාගන්න ඕනි ඩ්‍රයිවර්ස් එක යට තියෙන turn on Bit Locker කියන එක ක්ලික් කරන්න. ඔය උඩ  ඉමේජ් එකේ යටම Rangana කියල පෙන්නලා තියෙන්නේ මගේ පෙන් ඩ්‍රයිව් එක හොදේ. එහෙම නැත්නම් control panel යන්නේ නැතිව ඔයාලට ඕනි ඩ්‍රයිවර්ස් ඒක උඩ රයිට් ක්ලික් කරන්න. එතැනත් තියෙනවා turn on Bit locker කියල තියෙනවා. ඒක ක්ලික් කරන්න.

 දැන් එන්නේ මෙතනට


මෙතැන ආරක්ෂාව ඕනි කරන ඩ්‍රයිවර්ස් එක සුදානම් කරනවා. ඊට පස්සේ මෙතනට තමයි යාලුවනේ එන්නේ


මෙතැන use the password to unlock the drive කියන තැන ඉස්සරහ හරි ලකුණ දාල ඔයාල කැමති පාස් වර්ඩ් එකක් දෙන්න. පාස් වර්ඩ් එකක් දෙනකොට යාලුවෝ මතක තිය ගන්න ඕනි වැදගත්ම දේවල් දෙකක් තියෙනවා. එක තමයි ලේසියෙන්ම මතක තිය ගන්න පුළුවන් වෙන්න ඕනි. දෙක තමයි වෙන කෙනෙක්ට අනුමාන කරන්න අපහසු වෙන්න ඕනි.

හරිනේ ඔයාලට සුදුසු පාස් වර්ඩ් එකක් දීල ඊට පස්සේ next කරන්න.


මෙතැනsave the recovery key to a file කියන එක දීල ඔයාලට සුදුසු තැනක සේව් කර ගන්න . ඕනි නම ප්‍රින්ට් කර ගන්නත් පුලුවනි. ඔයාලට දාපු පාස් වර්ඩ් එක අමතක උනොත් ඔය recovery ඒකෙන් පුළුවනි ඩ්‍රයිවර්ස් එකේ ලොක් එක අර ගන්න.
ඊලගට next කරන්න.

දැන් එන්නේ මෙතනට


මෙතැන start encrypting කියන එක කලීක කරන්න. දැන් ඔයාලගේ ඩ්‍රයිවර් එක ලොක් කරන්න  පටන් ගන්නවා.

මගේ යාලුවනේ මේක විශේෂයෙන්ම මතක තිය ගන්න ඕනි. අදාල ඩ්‍රයිවර්ස් එක ලොක් වෙන්න තරමක් වෙලා ගන්නවා. ඒ කාලය ඇතුලත මොන හේතුවක් නිසාවත් ඔයාල ලොක්  කරන්න යන ඩ්‍රයිවර්ස් ඒක පරිගණකයත් එක්ක තියෙන සම්බන්දතාවය විසන්ධි වෙන්න  දෙන්න එපා. එහෙම උනොත් ඔයාලගේ දත්ත වලට හානි වෙන්න පුළුවනි. යූ පී එස් එකක් තියේනම් වඩාත් හොදයි.

හරිනේ   යාලුවනේ. ඊලගට එනව ඔයාලගේ ඩ්‍රයිවර්ස් ඒක ලොක් උනා කියල. දැන් රිෆ්‍රෙශ් පාරක් එහෙම දාල බලන්න . ඔයාල ලොක් කරපු ඩ්‍රයිවර්ස් ඒක පෙන්නන්නේ මෙහෙම.



හරිනේ. දැන් ඒක උඩ ඩබල් ක්ලික් කරන්න. එතකොට මේ වගේ පාස් වර්ඩ් ඒක ඉල්ලයි.




දැන් පාස් වර්ඩ් ඒක දීල අන්ලොක් කරන්න. එපමණයි.

කව්රු හරි යාලුවෙක්ට මේකේ පාස් වර්ඩ් ඒක අයින් කරන්න හිතුනොත් ඉස්සෙල්ල ඩ්‍රයිවර්ස් ඒක අන්ලොක් කරන්න . ඊට පස්සේ අයෙ කන්ට්‍රෝල් පැනල් යන්න. ඒ අදාල ඩ්‍රයිවර්ස් ඒක බලන්න.





 
එතැන  Turn off Bit Locker දෙන්න. එහෙනම් වැඩේ හරිනේ. වැඩේ කරලා බලලා හොද නරක කියන්නකෝ.
එහෙනම් මම කැපුනා හොදේ.
උපුටා ගැනීම සපුරා තහනම් හොදේ......එකත් කියන්න ඕනිනේ .....

Monday, February 27, 2012

"දෑසින් පෑ" මියුසික් වීඩියෝව හැදුන හැටි


මනුරංග විජේසේකර විසින් රචිත ලහිරු පෙරේරා විසින් ගායනා කරන "දෑසින් පෑ" ගීතය කා අතරත් ජනප්‍රිය වුයේ යෙෂ් විජේරත්නගේ අපුර්ව රුප රචනයත් සමගයි.

පහතින් ඇත්තේ එම ගීතය රුගත කිරීමේදී ගනු ලැබූ ජායාරුප එකතුවක්.

"දෑසින් පෑ" වීඩියෝව බලන්න පහතින්



U2 Media Network Solution™, Email - Jeewanu2@gmail.com
Designed by .U2 Media Network Solution™
Copyright © 2012 Sathutalanka.com . All rights reserved.