වැඩේ මේකයි. චයිනිස් ෆොන් දැන් ලංකාවේ ඉන්න අයගෙන් 50% වැඩිය පාවිච්චි කරනවා. මිල අඩු කමයි, වැඩ වැඩි කමයි වෙන්න ඇති. මමත් පාවිච්චි කරන්නේ ඒකක්ම තමයි. අනම් මනං ඕනි නැ. වැඩේට බහිමු. ඔයාලගේ චයිනිස් ෆෝන් එකේ කැමරාව වෙබ් කැම් එකක් විදියට USE කරන්න පුළුවන් කියල ඔයාල දන්නවද?
කරන්න ඕනි මේකයි.
ඉස්සෙල්ලම මේ ලින්ක් එකට ගිහින් මේ සොෆ්ට්වෙයාර් කැල්ල බාගන්න.
මෙතැන ක්ලික් කරන්න.
මේක 300Kb විතර පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලක්.
දැන් වැඩේ හරි.
ඔය ගොල්ලන්ගේ චයිනිස් ෆෝන් එක USB Cable එක ගහල PC එකට සම්බන්ද කරන්න.එතකොට ෆොන් එකේ මෙහෙම මැසේජ් එකක් එනවා.
- Mass Storage
- Web Cam
දැන් වැඩේ හරි. එත් ගැටලුව තියෙන්නේ කොහෙද මේක පෙන්නන්නේ කියලනේ?
හරි. එකට
Start --- All Programs යන්න. එතන උඩම තියෙනවා AM Cap කියල ඔය කට්ටිය ස්ථාපිත කරපු සොෆ්ට්වෙයාර් එක. එතැන ක්ලික් කලාම වැඩේ ගොඩ.
දැන් හරිනේ. බලන්න ඔබේ සොඳුරු මුහුණ පේනවා නේද කියල.
ගොඩක් Driver less web cam වලටත් මේ සොෆ්ට්වෙයාර් එක හරියනවා.
හැබැයි මයික් එකක් ඔයාල හොයා ගන්න හොදේ.
මේක බලල හොදද කියල කියන්නකෝ. අයෙ හමු වෙමු.
No comments:
Post a Comment