
අවුරුදු සමය ඇතුලත පාරිභෝගික ජනතාව මහත් අසීරුතාවයකට පත්වන බැවින් මිල ගණන් වැඩි නොවුන නමුත් අවුරුදු සමය නිමා වීමෙන් අනතුරුව කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සීනි, ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් ඉදිරි දින කිහිපය ඇතුලත ඉහල යාමට නියමිත බව වාර්තා වේ.
ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය විශාල වශයෙන් පහල බැසීමත්, ආනයනික භාණ්ඩ මත බදු පනවා තිබීම මෙයට හේතු වේ.
එසේම ලංකා ඉන්දියානු ඔයිල් සමාගමද ඉන්ධන මිල යළිත් රුපියල් 15 කින් වැඩිකිරීමට අවසර දෙන ලෙස ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව ඉන්ධන මිල වැඩිවුව හොත් ඊට සාපේක්ෂව යලිත් වතාවක් සියලුම වෙළද භාණ්ඩ හා සේවාවන් වල මිල ඉහල යනු ඇති.
No comments:
Post a Comment