Friday, April 13, 2012

පියුමි පුරසිංහගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය (ජයාරූප එකතුව)


ජනප්‍රිය යොවුන් නිලි පියුමි පුරසිංහගේ විවාහ ගිවිස ගැනීම පසුගිය මාර්තු 24 වනදා කොළඹ ගලධාරි හෝටලයේ පැවැත්වුණා.මාස අටක සම්බන්ධතාවයකින් පසු පියුමි මෙසේ විවාහ ගිවිසගත්තේ ව්‍යාපාරිකයෙක් වන රෙමි රාජ්ලාල් සමගයි.

ලබන වසරේ මාර්තු 24 වනදා එම දෙපලගේ විව්වාහය පැවැත්වීමට නියමිතයි.

පියුමි - රෙමි විවාහ ගිවිසගැනීමේ ජායාරුප එකතුවක් පහතින් බලන්න 


                                      ජයාරූප - නදුන් බදුගේ

පියුමි - රෙමි පෞද්ගලික ජයාරූප එකතුවක් පහතින් බලන්න 

අහාර ද්‍රව්‍ය වල මිල ඉහල යන ලකුණු


අලුත් අවුරුදු සමය නිමා වීමෙන් අනතුරුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු සියලුම පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් විශාල වශයෙන් ඉහල යාමට නියමිත බව වෙළඳපොල ආරංචි මාර්ග අනාවරණය කරයි.  

අවුරුදු සමය ඇතුලත පාරිභෝගික ජනතාව මහත් අසීරුතාවයකට පත්වන බැවින් මිල ගණන් වැඩි නොවුන නමුත් අවුරුදු සමය නිමා වීමෙන් අනතුරුව කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සීනි, ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් ඉදිරි දින කිහිපය ඇතුලත ඉහල යාමට නියමිත බව වාර්තා වේ. 

ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය විශාල වශයෙන් පහල බැසීමත්, ආනයනික භාණ්ඩ මත බදු පනවා තිබීම මෙයට හේතු වේ.

එසේම ලංකා ඉන්දියානු ඔයිල් සමාගමද ඉන්ධන මිල යළිත් රුපියල් 15 කින් වැඩිකිරීමට අවසර දෙන ලෙස ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව ඉන්ධන මිල වැඩිවුව හොත් ඊට සාපේක්ෂව යලිත් වතාවක් සියලුම වෙළද භාණ්ඩ හා සේවාවන් වල මිල ඉහල යනු ඇති.

ඉන්දීය න්‍යෂ්ටික බලාගාරවලින් ලංකාවට බලපෑම් සිදුවේද?


අසල්වැසි ඉන්දියාව මේ වන විට න්‍යෂ්ටික බලය කෙරෙහි වැඩි වැඩියෙන් නැඹුරු වෙමින් පවතිනවා. ඉන්දීය නාවික හමුදාව පසුගියදා න්‍යෂ්ටික බලය සහිත සබ්මැරීනයක්ද සිය බල ඇණියට එකතුකරා. 

මේ අතර ඉන්දියාවේ විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ පිහිටා ඇති න්‍යෂ්ටික විදුලි බලාගාර සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රී ලංකාවේ අවධානයද ක්‍රමයෙන් යොමුවෙමින් පවතිනවා. තමිල්නාඩුවේ "කුඩන්කුලම්" නමැති න්‍යෂ්ඨික බලාගාරය ලංකාවට කිලෝමීටර 250ක් පමණ දුරින් පිහිටා තිබෙන අතර මෙමගින් ලංකාවද යමිකිසි අයහපත් ප්‍රතිපල වලට මුහුණ දීමට සිදුවනු ඇතයි කියා සමහරුන් බිය පළකරනවා.

මෙම "කුඩන්කුලම්" නමැති න්‍යෂ්ටික බලාගාරය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දැක්වූ ශ්‍රී ලංකා පරමාණුක ශක්ති අධිකාරියේ සභාපතිවරයා කියා සිටින්නේ "මේ බලාගාරය සම්බන්ධයෙන් ඉන්දීය රජය හා ලංකා රජය අතර කිසිදු නිශ්චිත ගිවිසුමක් අත්සන් කර නොමැති බවයි." ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ "මිට අවුරුදු දෙකකට කලින් මේ ගිවිසුම ඩ්‍රාෆ් කරලා, විදේශ අමාත්‍යාංශය හරා ඉන්දියානු රජයට යැව්වත් මේ ගැන ඉන්දියානු රජයෙන් කිසිදු දැනුම්දීමක් දී නොමැති බවයි."
 
 
කෙසේවෙතත් යම්කිසි රටක න්‍යෂ්ටික බලාගාරයක් ඉදිරිකරනවා නම් හා එම බලාගාරයෙන් අවට රටවල් වලට යම්කිසි බලපෑමක් ඇතිවිය හැකිනම් එම රටවල් අතර යම්කිසි ගිවිසුමක් අත්සන් කොට තිබීම වැදගත් වෙනවා. මන්ද ජපානයේ ඇතිවූ භූමිකම්පාව හා සුනාමිය නිසා ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් බාහිර පරිසරයට විකිරිණ නිකුත් වීමේ අවධානමක් ඇතිවූ අතර එම නිසා ඒ අවට සැතපුම් ගණනාවක ජනතාව ඉවත් කිරීමට ජපාන බලධාරීන්ට සිදුවුවා. ජපානය වැනි ලොව සුපිරිතම තාක්ෂනය භාවිතා කරන රටකටත් සුනාමිය නිසා පසු බාන්නට සිදුවුවා නම් අනෙකුත් රටවලද මේ ගැන අවධානය යොමුකර යුතුවෙනවා.

මේ අතර පසුගියදා සිදුවූ භූමිකම්පාව මෙන්ම ශ්‍රි ලංකාවට ඈත දකුණු මුහුද ආශ්‍රිතව භූචලන කලාප හඳුනාගැනීම හේතුවෙන් ඇතැම් භූ විද්‍යාඥයින් එම ප්‍රදේශය ආශ්‍රිතව නව භූතලයක් නිර්මාණය වෙමින් ඇතැයි විශ්වාස කරන බව භූවිද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල දහනායක පවසනවා. 

මේ පිලිබදව නිවුස්ෆස්ට් වීඩියෝව පහතින් බලන්න.



ඒ අනුව යම්කසි හෙයකින් ඉදිරියේදී ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදේ භූමිකම්පා හෝ සුනාමි තත්වයන් සිදුවී ඒවායින් යම්කිසි බලපෑමක් "කුඩන්කුලම්" න්‍යෂ්ටික බලාගාරය වැනි ලංකාවට ඉතාම ආසන්නයේ ඇති ඉන්දියානු බලාගාරවලට සිදුවී ඒවායින් විකිරිණ නිකුත් වීමක් සිදුවුවහොත් එය අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවට බලපානවා. 

එසේම අපේ‍්‍රල් 11 වැනිදා සුමාත‍්‍රා දූපතට ආසන්නයේ හටගත් භූමිකම්පාවෙන් පසුව නිකුත් කරනු ලැබූ සුනාමි අනතුරු ඇඟවීම්වලට සමාගාමීව ගතයුතුව තිබූ ආරක්‍ෂක පියවර නොසලකා හැරි බවට ඉන්දීය න්‍යෂ්ටික විදුලි බලාගාර පාලකයින්ට චෝදනාද එල්ල වී තිබෙනවා. මේ පිලිබදව චෝදනා එල්ල කරන "න්‍යෂ්ටික බලශක්තියට එරෙහි ජනතා ව්‍යාපාරය" නමැති ඉන්දීය සංවිධානය තව දුරටත් කියා සිටින්නේ මන්නාරම් බොක්කේ පිහිටා ඇති කල්පාක්කම් න්‍යෂ්ටික විදුලි බලාගාරය විවෘත කිරීමට පෙර සුනාමි, ගිනිකඳු, ජලසම්පත් වැනි කරුණු සම්බන්ධයෙන් සිදුකල යුතුව තිබූ අධ්‍යයනයන් සිදු කොට නොමැති බවයි. 


මේ සියළු කරනා එකපෙලට තැබුවිට පැහැදිලි වන්නේ අනාගත ශ්‍රී ලංකාවට එල්ල වන ලොකුම න්‍යෂ්ටික අනතුර එල්ලවීය හැක්කේ ඉන්දියාවෙන් බවයි.